මහරගම, නාවින්න ප්‍රදේශයේදී ඊයේ (6) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
ස්කූටරයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයා කලුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි තරුණයෙක්.
පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බවයි පොලිසිය පැවසුවේ.














