දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (ජනවාරි 02) අලුයම නිකුත් කරන ලද නවතම නිවේදනයට අනුව, විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වය තදින් පවතිනු ඇතියි.
නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද, ඌව පළාත් සහ හම්බන්තොට විටින් විට වැසි ඇති විය හැකි බවත් මධ්‍යම සහ ඌව පළාත්වලත්, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනවල සදහන්.
පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














