• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැවත නැවත මතුවන සිරප් දූෂණය  

8 October 2025
in දේශීය, පුවත්, විදෙස්, විශේෂාංග
නැවත නැවත මතුවන සිරප් දූෂණය  
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

සැප්තැම්බර් මස මුලදී, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි කුඩා නගරයක සිදු වූ පැහැදිලි කළ නොහැකි ළමා මරණ සමූහයක් හේතුවෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවකයින් දැඩි අපහසුතාවයට පත් වී තිබෙනවා.

වයස අවුරුදු 1 සිට 6 දක්වා දරුවන් 11 දෙනෙකු අසාමාන්‍ය ලෙස මිය ගොස් තිබුණා.

මේ හේතුවෙන් එරට නිලධාරීන් පානීය ජලයේ සිට මදුරුවන් දක්වා සියල්ල පරීක්ෂා කලා.

කෙසේ වෙතත් කිහිපයක් ඇතුළත සිදු කළ පරීක්ෂණවලින් හෙළිවූයේ, සාමාන්‍ය කැස්ස සිරප් වර්ගයක් ඔවුන් භාවිතා කිරීමෙනුයි මෙම තත්වය හටගෙන තිබූ බවත් එම සිරප් එක තුළ diethylene glycol නමැති විෂමය පදාර්ථයක් 48%ක් පමණ අඩංගු වූ බවයි.

මෙය කාර්මික ද්‍රාවකයක් වන අතර, කිසිවිටෙකත් ඖෂධයක අඩංගු විය යුතු ද්‍රව්‍යයක් නොවන වග ඔවුන් සොයා ගැනුනා‍. එම ද්‍රාව්‍යයේ ඇති විෂ සංගටක නිසා වකුගඩු ක්‍රියා විරහිත වීමෙන් මරණයට ඔවුන් මරණයට පත් වී තිබුණා.

මෙය ඉන්දියාවට අලුත් දෙයක් නොවුණ අතර වසර ගණනාවක් පුරා, ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් වල අඩංගු ඩයිඑතිලීන් ග්ලයිකෝල් තරුණ ජීවිත දුසිම් ගණනක් බිලිගෙන තිබෙනවා. 2023 දී, ගැම්බියාවේ ළමුන් 70 දෙනෙකු සහ උස්බෙකිස්තානයේ ළමුන් 18 දෙනෙකු මිය යාමට ඩයිඑතිලීන් ග්ලයිකෝල් අඩංගු ඉන්දියානු සිරප් සම්බන්ධ වි තිබෙනවා.

රජය සෑම විටම මෙම ව්‍යසනය නැවතීමට පොරොන්දු වූවත්, සිරප් දූෂණය නැවත නැවත මතුවන බවයි විවේචකයන් කියා සිටින්නේ. මෙය ඉන්දියාවේ ඖෂධ පාලන පද්ධතියේ දුර්වලතාවක් බවත් ඔවුන් පවසා සිටිනවා.

ඉන්දියානු කැස්ස සිරප් වෙළඳපොළ 2024 දී ඩොලර් මිලියන 262.5 සිට 2035 වන විට ඩොලර් මිලියන 743 දක්වා ඉහළ යනු ඇති අතර එය සංයුක්ත වාර්ෂික අනුපාතයකින් 9.9% කින් වර්ධනය වන බව විචාරකයන් පවසනවා.

මෙම ළමා මරණ වලින් දින කිහිපයකට පසු, ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි ඖෂධ කුඩා දරුවන්ට ඒවා නියම කිරීමේදී වඩාත් ප්‍රවේශම් විය යුතු බවට වෛද්‍යවරුන්ට අනතුරු ඇඟවා තිබෙනවා. සිරප් සාම්පල අත්අඩංගුවට ගෙන, අලෙවිය අත්හිටුවා තහනම් කර, පරීක්ෂණයක් පැවැත්වීමටත් නියෝග කර තිබෙනවා.

ඉන්දියාවට සහ ඉන්දියානුවන්ට කැස්ස සිරප් කෙරෙහි ඇති ඇල්ම අත්හැරිය නොහැකි තරම් විය‍. දශක ගණනාවක් තිස්සේ වෛද්‍යවරුන් ඒවා නියම කර ඇති අතර රෝගීන් ඒවා ලබාගෙන තිබෙනවා. හේතුව නම් මෙම පැණිය ගැනීමෙන් දින කිහිපයකට පසු නිට්ටාවටම කැස්ස සුව වීමයි.

වෛද්‍යවරුන් පවසන්නේ බොහෝ දරුවන්ගේ කැස්ස වෛරස් ආසාදන හෝ වායු දූෂණය නිසා ඇතිවන බවයි. මේවාට සිරප්වලට වඩා inhaler හෝ nebulizer වැනි bronchodilator වර්ග ඖෂධ වඩා ප්‍රයෝජනවත් බවද ඔවුන් පෙන්වා දෙනවා.

එහෙත් ඉන්දියාවේ ග්‍රාමීය හා කුඩා නගරවලදී, ප්‍රධාන සෞඛ්‍ය පද්ධතියේ දුර්වලකම් හේතුවෙන්, අධ්‍යාපන සුදුසුකම් නොමැති “RMP” නමැති අය මගින් ඖෂධ නියම කිරීම සාමාන්‍ය දෙයක් වී තිබෙනවා.
ඔවුන් සිරප්වලට විශ්වාස කර රෝගීන්ට එය නිර්දේශ කරන බවත් ආර්ථික දුෂ්කරතාව සහ මව්පියන්ගේ අවබෝධය හිඟවීමත් මෙම ගැටළුව තවදුරටත් දියුණු කරන බවයි එරට විශ්ලේෂකයන් පවසා තිබෙන්නේ.
බොහෝ මව්පියන්ට දරුවාගේ කැස්ස දින කිහිපයකින් සුව නොවීමෙන් අනෙක් වෛද්‍යවරයෙකු වෙත හැරී සිරප් එකක් ඉල්ලන ආකාරය බහුල වී තිබෙනවා.

ඉන්දියාවට අවශ්‍ය වන්නේ මෙම කැස්ස සිරප් ගැන පැහැදිලි ජාතික ප්‍රතිපත්තියක් හා වෛද්‍යවරුන් සහ මව්පියන් අතර දැනුම වැඩි දියුණු කිරීමයි .
මන්ද, මේ තත්ත්වය දිගටම පවතින්නේ නම්, තවත් අහිමිවනුයේ අනාගතයේ දරුවන්ගේ ජීවිතයයි.

  • රන්ජනා

Post Views: 6
Previous Post

හරිනිගෙන් සුබ ආරංචියක්

Next Post

නොවැම්බර් 30 ඉඳන් බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න පුළුවන්

Editor TTV News

Editor TTV News

Next Post
නොවැම්බර් 30 ඉඳන් බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න පුළුවන්

නොවැම්බර් 30 ඉඳන් බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න පුළුවන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Gemini ට දුන්න ඡායාරූප අනාගතයේ දී ඔබට ම හමුවිය හැකි ඔබ නොහිතන තැන්

Gemini ට දුන්න ඡායාරූප අනාගතයේ දී ඔබට ම හමුවිය හැකි ඔබ නොහිතන තැන්

8 October 2025
නොවැම්බර් 30 ඉඳන් බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න පුළුවන්

නොවැම්බර් 30 ඉඳන් බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න පුළුවන්

8 October 2025
නැවත නැවත මතුවන සිරප් දූෂණය  

නැවත නැවත මතුවන සිරප් දූෂණය  

8 October 2025
හරිනිගෙන් සුබ ආරංචියක්

හරිනිගෙන් සුබ ආරංචියක්

8 October 2025

Recent News

Gemini ට දුන්න ඡායාරූප අනාගතයේ දී ඔබට ම හමුවිය හැකි ඔබ නොහිතන තැන්

Gemini ට දුන්න ඡායාරූප අනාගතයේ දී ඔබට ම හමුවිය හැකි ඔබ නොහිතන තැන්

8 October 2025
නොවැම්බර් 30 ඉඳන් බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න පුළුවන්

නොවැම්බර් 30 ඉඳන් බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න පුළුවන්

8 October 2025
නැවත නැවත මතුවන සිරප් දූෂණය  

නැවත නැවත මතුවන සිරප් දූෂණය  

8 October 2025
හරිනිගෙන් සුබ ආරංචියක්

හරිනිගෙන් සුබ ආරංචියක්

8 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොවැම්බර් 30 ඉඳන් බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න පුළුවන්

නොවැම්බර් 30 ඉඳන් බැංකු කාඩ්වලින් බස් ගාස්තු ගෙවන්න පුළුවන්

8 October 2025
නැවත නැවත මතුවන සිරප් දූෂණය  

නැවත නැවත මතුවන සිරප් දූෂණය  

8 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved