නිදහස් දින සමාව යටතේ එළඹෙන පෙබරවාරි 04 වනදා නිදහස් වීමට සුදුසුකම් ලබා සිටි සිරකරුවෙකු මාතර බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වාර්තා කරයි
. නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීමේ වරදට සිරදඬුවම් විඳිමින් සිටි පානදුර, කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස පලාගොස් තිබේ. ඊයේ (29) සවස බන්ධනාගාර අධිකාරීවරයාගේ නිල නිවසේ පිරිසිදු කිරීමේ කටයුතුවල යොදවා සිටි අවස්ථාවේදී ඔහු මෙම පලායාම සිදු කර ඇත.
බන්ධනාගාර බලධාරීන් පවසන්නේ අදාළ සිරකරුගේ යහපත් හැසිරීම සැලකිල්ලට ගනිමින් ඔහු නිදහස් කිරීමට නියමිතව තිබූ සිරකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබූ බවයි. පලාගිය සිරකරු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර පොලිසිය සහ බන්ධනාගාර බුද්ධි ඒකකය ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.














