ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දින උළෙල පැවැත්වෙන පෙබරවාරි 04 වනදා ජාතික ශෝක දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 78ක් ගත වුවද, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ මූලික ගැටලුවලට විසඳුම් ලබාදීමට පාලකයින් අපොහොසත් වී ඇති බව පවසමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායම් වශයෙන් ඊයේ (27) දිනයේ සිට උතුරු නැගෙනහිර ගම්මාන වෙත යමින් ප්‍රචාරණ කටයුතුවල නිරත වූ බව වාර්තා වේ.
පාලකයින් දෙමළ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්ව ඉන් අනතුරුව ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රශ්න අමතක කරන බවට ශිෂ්‍ය සංගමය චෝදනා කරයි.
ඒ අනුව නිදහස් දිනට විරෝධය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාලය තුළ කළු කොඩි ඔසවා විරෝධතාවයේ නිරත වීමටත්, එය උතුරු නැගෙනහිර පුරා ව්‍යාප්ත කිරීමටත් ශිෂ්‍ය සංගමය සැලසුම් කර තිබේ.














