එළඹෙන 78 වන නිදහස් දින සැමරුම් උළෙල වෙනුවෙන් 2026 අයවැය මගින් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය.
රජය මෙම උත්සවය අවම පිරිවැයකින් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, පසුගිය වසරේ නිදහස් දින සැමරුම සඳහා වැය වූ රුපියල් මිලියන 69ක මුදලට ආසන්න පිරිවැයකින් මෙවර උත්සවය ද නිම කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
රටේ ප්‍රධානතම ජාතික උත්සවය බැවින් අයවැය මගින් මෙලෙස ප්‍රතිපාදන වෙන් කිරීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය බව ද ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙවර නිදහස් දින සැමරුම සඳහා ආරාධිත අමුත්තන් 2,000ක් පමණ සහභාගී වීමට නියමිත අතර, විදේශයන්ගෙන් විශේෂ රාජ්‍ය අමුත්තන් කිසිවෙකු ගෙන්වා ගැනීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා පැවසීය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සේවය කරන සියලුම විදේශීය තානාපති නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් සඳහා මෙම උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කිරීමට නියමිතය.














