8 September 2024
#දේශීය #පුවත්

නිදහස් පක්ෂ සභාපති විජයදාසට එරෙහි වාරණ විසිවෙයි

නිදහස් පක්ෂ සභාපති ලෙස අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ස මහතා සහ වැඩ බලන මහලේකම් කීර්ති උඩවත්ත මහතාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද (16) දින ප්‍රතික්ෂේප කරයි.

පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස මහතා සහ ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කර ගැනීමට පසුගිය 12 දින පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව ගනු ලැබූ තීරණය මත එම පක්ෂය , එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමද මෙසේ ප්‍රතික්ෂේප කෙරිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *