රී ලංකාවේ නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජය සහාය ලබාදීමට එකඟතාවය පළ කර ඇත.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens)මහතා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යය සුනිල් හඳුන්නෙත්ති එම අමාත්‍යාංශයේදී හමු වු අවස්ථාවේදී මේ පිළිබඳව දන්වා තිබේ.
මෙම හමුවේදී නව රජයේ අරමුණු ප්‍රතිපත්ති හා සංවර්ධ සැලසුම් පිළිබඳව ඔස්ට්‍රේලියානු මහ කොමසාස්වරයා දැනුවත් කර ඇති අතර පාඩු ලබමින් පවතින රාජ්‍ය ව්‍යාපාර විකුණා දැමීම වෙනුවට රාජ්‍ය අංශය පුද්ගලික අංශයසහ ජනතාව යන පාර්ශවල සහභාගිත්වය ඇතුව ජනතාවට ප්රතිලාභ ලැබෙන පරිදි එම ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරන බව පවසා ඇත.
මෙහිදී ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් වරයා නව රජයේ ප්‍රතිපත්ති අගය කළ අතර එම ප්‍රතිපත්ති අනුව ඕස්ට්‍රේලියාව ඇතුළු අනිකුත් රටවල ආයෝජකයින්ට මෙරට ආයෝජනයට ඇති අවස්ථා පිළිබඳව අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය
ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේමැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය, බෝට්ටු නිෂ්පාදනය auto mobile ආදී අංශවල ආයෝජන අවස්ථා රැසක් පවතින බවත්ප ඒ සඳහා ඔස්ට්‍රේලියානු ආයෝජකයින් ට ආරාධනා කරන බවත්ය.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් තිලකා ජය සුන්දර අතිරේක ලේකම් චමින්ද පතිරාජ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ෂර්නි මැක්වන්(Sharini McEwen) යන මහත්ම මහත්මිහු එක්ව සිටියහ.