ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙක් අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී නගරයේ යුදෙව් කෞතුකාගාරය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා සදහන් කර සිටිනවා.
එරට පොලීසිය ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් පසු සැකකරුවන් විසින් “නිදහස්, නිදහස් පලස්තීනය” යනුවෙන් කෑ ගැසූ බවයි.
ඒ අනුව නිලධාරීන්ට වෙඩි තබා ඇත්තේ යුදෙව් කෞතුකාගාරයේ පැවති උත්සවයකින් පසුව ඉන් පිටව යමින් සිටින අවස්ථාවේ දී බව සඳහන්.
වෙඩි තබන අවස්ථාවේ ස්ථානයේ සිව්දෙනෙකු සිට තිබෙනවා.
ඉන් දෙදෙනෙකුට මෙසේ වෙඩි වැදී ඇති බව පවසයි.
මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් 30 හැවිරිදි එලියාස් රොඩ්‍රිගස් නම් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම ඔහු චිකාගෝ හි පදිංචිකරුවෙකු බවට ද තොරතුරු වාර්තා වේ.