දකුණු යුරෝපයේ බොහෝ ප්‍රදේශ පුරා ලැවු ගිණි හටගෙන තිබෙනවා.
ඒ උෂ්ණත්ව මට්ටම 40c ඉක්මවීම හේතුවෙන්.
මේ හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලැවූ ගිනිත් සමඟ දහස් ගණනක් ජනතාව තම නිවෙස් හැර ගොස් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.
ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ බෝල්කන් යන ප්‍රදේශවල රතු තාප අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අනතුරු අඟවා ඇත්තේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වඩා ඉහළ යන විට සෞඛ්‍යයට සැලකිය යුතු අවදානම් තත්ත්වයක් ඇතිවන බවයි
සෙවිල් සහ කෝර්ඩෝබා හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 දක්වා ළඟා විය හැකි බවට ස්පාඤ්ඤයේ කාලගුණ සේවය අනතුරු අඟවා තිබෙනවා.
ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් පවසන්නේ ලැව්ගිනි පාලනය සඳහා ගිනි නිවීමේ සේවා වෙහෙස නොබලා කටයුතු කරමින් සිටින බවයි.
තම රට ලැව් ගිනි ඇතිවීමේ දැඩි අවදානමක සිටින බවත් කරුණාකර ඉතා ප්‍රවේශම් වන ලෙසත් ඔහු සිය X ගිණුමේ සටහන් කර තිබෙනවා.
රට පුරා ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා 1,000ක් පමණ පිරිසක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉදිරි දිනවලදී මෙම තත්ත්වය තව දුරටත් අභියෝගාත්මක විය හැකි බවටයි ග්‍රීක බලධාරීන් අනතුරු අඟවන්නේ.
අසල්වැසි පෘතුගාලයේ, ගිනි නිවන භටයින් විශාල ලැව්ගිනි තුනක් මැඩපවත්වා තිබෙනවා.
ට්‍රැන්කෝසෝ අසල ඇති වූ දරුණුතම ලැව්ගිනි තත්ත්වය ද පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් ගිනි නිවන භටයින් 1,300 කට වැඩි පිරිසක් සහ ගුවන් යානා 14 ක් ලැවූ ගිනි මැඩපැවැත්වීමට යොදවා තිබෙනවා.
ග්‍රීසිය පුරා ලැව්ගිනි 150කට අධික සංඛ්‍යාවක් ඇතිව තිබෙනවා.
දැඩි සුළං හේතුවෙන් එම තත්වය දරුණු වී ඇති බවයි වාර්තා වන්නේ,
ඔවුන් ගිනි නිවන භටයින් 5,000කට ආසන්න සංඛ්‍යාවක් සහ ගුවන් යානා විශාල ප්‍රමාණයක් ගින්න මැඩපැවැත්වීමට යොදවා තිබෙනවා.