නිවසක බලහත්කාරයෙන් රැඳී සිටීම නීතිවිරෝධී යැයි තීන්දු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා බම්බලපිටිය ”ෆැල්කන් රෙසිඩන්සීස්” නිවාස සංකීර්ණයේ රුපියල් කෝටි ගණනක් වටිනා නිවසේ නිරවුල් භුක්තිය දේපල හිමිකාරියට බාර දෙන ලෙස බොදු බල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇතු`ථ තිදෙනෙකුට ඊයේ (12) නියම කළේය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ ගෝල හිමියන් දෙපළක් සිය බම්බලපිටිය ”ෆැල්කන් රෙසිඩන්සීස්” නිවාස සංකීර්ණයේ ඇති නිවසේ බලහත්කාරයෙන් රැඳී සිටින බවට සඳහන් කරමින් නීතිඥ සන්ධ්‍යා තල්ලුව මහත්මිය මගින් පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.
”ෆැල්කන් රෙසිඩන්සීස්” නිවාස සංකීර්ණයේ ඇති නිවසේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ ගෝල හිමියන් රැඳී සිටීන බවට ඉදිරිපත් වු කරුණු සහ පොලිස් විමර්ශනයන්වල තොරතුරු අනුව හෙළි වන බව සඟන් කළ මහෙස්ත්‍රාත්වරයා අදාළ දේපළේ නිරවුල් භුක්තිය පැමිණිලිකාරියට හිමිවිය යුතු බවටද නියම කළේය.
ඒකල පදිංචි ඉනෝකා චන්දිමා සේනානායක මහත්මිය විසින් පවරා තිබූ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ගලගොඩඅත්තේ ඥානසාර, දයාසීඝ තේර හිමිවරුන් සහ නිවාස සංකීර්ණයේ කළමණාකාර සිල්වෙස්ටර් නමැති පුද්ගලයකු නම්කර තිබිණි.
1979 අංක 44 දරණ ප්‍රාථමික නඩු විධාන සංග්‍රහ පනතේ 66 ආ වගන්තිය යටතේ නීතිඥ සන්ධ්‍යා තල්ලුව මහත්මිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
විදෙස් රටක වාසය කරන සිය පුංචිඅම්මාට අයත් අදාළ නිවස තමන්ට ලැබුණු බවත් වගඋත්තරකාර ඥානසාර හිමියන් විසින් එම දේපළ සඟ සතු කර ඇති බවට සඳහන් කරමින් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් ඉදිරිපත් කර තමන් නිවසෙන් එලියට ඇඳ දැමූ බවත් සඳහන් කරමින් පසුගිය ජනවාරි මාසයේදී පැමිණිලිකාරිය මෙම නඩුව පවරා ඇති අතර වගඋත්තරකාර හිමිවරුන් නීති විරෝධී ආකාරයෙන් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටිනි දේපළ තමන්ට පවරා දෙන ලෙස ඉල්ලා සිටියාය.
මේ සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකාර හිමිවරුන් අදාල දේපලේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රැඳී සිටීන බව පොලිස් විමර්ශනයන්වල තොරතුරු අනුව සහ හෙළි වු කරුණු අනුව හෙළි වන බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා දේපළේ නිරවුල් භුක්තිය පැමිණිලිකාරියට හිමිවිය යුතු බවට තීරණය කළේය.
අදාළ දේපල බුක්ති විඳීමට පැමිණිකාරියට බාධා නොකරන ලෙසද වගඋත්තරකාර හිමිවරුන්ට නියම කළේය.
[අද]