2026 සහ 2027 වසර සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපතිවරයා ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා යළිත් වරක් තේරී පත් වී තිබේ. ඔහු සමඟ සංගමයේ නව ලේකම්වරයා ලෙස නලින් චන්දික ද සිල්වා මහතා තේරී පත්ව ඇති බව වාර්තා වේ. ලබන මාර්තු 28 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 වැනි සංවත්සර මහා සභා රැස්වීමේදී ඔවුන් නිල වශයෙන් සිය ධුරයන්හි වගකීම් භාර ගැනීමට නියමිතය. නීති ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ වෘත්තීය ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක නිරත වූ රජීව් අමරසූරිය මහතාගේ මෙම පත්වීම මෙරට නීති ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට තීරණාත්මක වනු ඇතැයි නීතිඥ ප්‍රජාව විශ්වාසය පළ කරති.













