අලුත්වැඩියා කටයුතු හේතුවෙන් නුගේගොඩ ගුවන් පාලම තාවකාලිකව වසා දමා ඇති හෙයින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දී තිබේ. නුගේගොඩ ගුවන් පාලම වසා දැමීම හේතුවෙන් ඒ ආශ්රිත ප්රදේශවල අද පෙරවරුවේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබිණි. මාර්ග සංවර්ධන අධිකාරිය කියා සිටියේ, ඊයේ රාත්රියේ ආරම්භ කළ එම අලුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.