06 වැනිදා සිට 07 වනදා තෙක් නුවරඑළිය ප්‍රදේශයේ බිමට ගන්නා ජලය තද දුඹුරු වර්ණයක් ගෙන තිබෙන බව වාර්තා වුණා.
දිර්ඝ සති අන්ත නිවාඩුව ගත කිරිමට මෙරට සංචාරකයන් සහ විදෙස් සංචාරකයන්ට මෙලෙස දුඹුරු පැහැ ජලය පානය කිරිමට සිදුව තිබෙනවා.
ප්‍රධාන ජල නළයක සිදුවූ දෝෂයක් පිළිසකර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවටයි නුවරඑළිය මහ නගර සභාවේ ජල කර්මාන්ත කාරක සභාවේ සභාපති නාගරික මන්ත්‍රී මහේස් රත්නසේකරගෙන් කළ විමසිමකදී ඔහු කියා සිටියේ
කෙසේ වෙතත් නුවරඑළිය නගර සීමාවේ පසුගිය 06 වැනිදා උදෑසන සිට පානිය ජල සැපයුමේ තද දුඹුරු පැහැයෙන් මඩ වතුර ජල නළ ඔස්සේ පාරිභෝගික ජල සැපයුම්වලට ලැබීමෙන් නුවරඑළිය ප්‍රජාව ව්‍යාපාරිකයන්, හෝටල් කර්මාන්තයේ නියැළි පුද්ගලයන් සහ සංචාරකයන් දැඩි අපහසුතාවට පත්ව සිටිනනවා.
කෙසේ වෙතත් ඊයේ (07 වැනිදා) දින උදෑසන වන විටත් පානය කිරීමට සුදුසු තත්ත්වයේ ජලය නොමැති බවයි ප්‍රදේශවාසීහු පවසා සිටියේ.