මෙරට මැරතන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔප්නැංවීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කරනු ලබන ‘2026 NESTOMALT Run for Sri Lanka’ මැරතන් තරගාවලියේ පළමු අදියර පෙබරවාරි 01 වැනිදා පෙරවරු 6:00ට ගාල්ල නගරයෙන් ආරම්භ වේ.
Single Tree Events ආයතනය මගින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය කාණ්ඩ හතරක් යටතේ පැවැත්වීමට නියමිත අතර, පළපුරුදු ක්‍රීඩකයන් සඳහා කිලෝමීටර් 21.1ක ‘Elite Run’ සහ කිලෝමීටර් 10ක ‘Challengers Run’ තරග ඇතුළත් වේ. මීට අමතරව පොදු ජනතාව සහ පවුල්වල සාමාජිකයන් ඉලක්ක කරගනිමින් කිලෝමීටර් 05ක ‘Fun Run’ සහ කිලෝමීටර් 02ක ‘Family Run’ යන කාණ්ඩ ද හඳුන්වා දී තිබීම විශේෂත්වයකි.
මෙම තරගාවලියේ තවත් සුවිශේෂී අංගයක් වන්නේ තරගය හරහා උපයා ගනු ලබන සියලුම අරමුදල් මෑතකදී ඇති වූ ස්වභාවික ව්‍යසනයන්ගෙන් පීඩාවට පත් ජනතාව නගා සිටුවීම සඳහා පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබීමයි.
නෙස්ටමෝල්ට් සන්නාමය සිය සමාජීය වගකීමක් ලෙස ක්‍රියාශීලී ප්‍රජාවක් බිහිකිරීම වෙනුවෙන් මෙම අනුග්‍රාහකත්වය දක්වන අතර, ගාල්ලේදී පැවැත්වෙන මෙම සමාරම්භක අදියර තුළින් ක්‍රීඩාවේ ජවය මෙන්ම මානුෂීය කැපවීම ද ප්‍රදර්ශනය වනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.














