නත්තල් සමයත් නව වසර උදාවත් නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුනට පැමිණෙන පිරිස වැඩිවීමත් සමග මහජනතාව සඳහා විවෘත කර තබන වේලාවන් දීර්ඝ කර ඇත.
ඒ අනුව දෙසැම්බර් 25 සහ 26 දෙදින පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වාත් දෙසැම්බර් 27 පෙරවරු 9.00 සිට රාත්‍රී 11.00 දක්වාත්, දෙසැ. 31 සහ ජනවාරි 01 දා පෙරවරු 9.00 සිට පසුදින අළුයම 1.00 දක්වාත් විවෘතව තබන බවත් එහි කළමනාකාරීත්වය දැනුම්දී සිටියි.