2025 සැප්තැම්බර් 30 වන දින සිට නේපාලයේ නව ජීවත් වන දේවිය (කුමාරි) ලෙස අවුරුදු 2ක් පමණ වයසැති ආර්යතරා ශාකියා පත් කර තිබෙනවා.
ආර්යතාරා ශාක්‍ය නම් කුඩා දරුවා ට හින්දු සහ බෞද්ධ යන දෙපිරිස විසින්ම වන්දනාමාන කරනු ලබනවා.
අවුරුදු 2 ක් වයසැති මෙම දරුවා දැන් කුමාරි – නොහොත් කන්‍යා දේවතාවිය ලෙස හදුන්වනු ලබනවා.
“ඊයේ ඇය මගේ දුව විතරයි, නමුත් අද ඇය දේවතාවියක්,” ආර්යතාරාගේ ආඩම්බර පියා වන අනන්ත ශාක්‍ය පවසන්නේ එසේයි.
නව කුමාරිගේ පිළිගැනීම
නව කුමාරිගේ පිළිගැනීම කාට්මණ්ඩුවේ දිනේදී පැවැති සම්ප්‍රදායික දසයින් උත්සවය සමග සිදු විය. මෙම අවස්ථාවේදී ආර්යතරා ශාකියාව නගරය හරහා පෙරහැර ගෙන යන අතර **කුමාරි ගර්හි** නම් දේවාල මාලිගාවට පිළීගන්වනු ලබනවා. වසර ගණනාවක් තිස්සේ ඇගේ නිවහන ලෙස හඳුන්වන්නේ එම දේවාලයයි.
තේරීමේ ක්‍රියාවලිය
නව ජීවමාන දේවතාවියක් තේරීමේ දී බෞද්ධ ශාක්‍ය වංශයෙන් සිදු කරනවා.
මේ සඳහා සාමාන්‍යයෙන් වයස අවුරුදු 2 සිට 4 අතර තෝරාගනු ලබනවා. මෙහිදී දේව ගණ ඇති පරිපූර්ණ වූ සිරුරු , නීරෝගී සෙ ෟඛ්ය සම්පන්න විය යුතු අතර නිර්භීත විය යුතු බව එරට වැසියන් පවසා සිටින්නේ. මේ සඳහා අවැසි නිර්ණායකයන් 32ක් අවශ්‍ය වනවා.
නව කුමාරියගේ පියා වන අනන්ත ශාකියාව පැවසූවේ
“ඇය ඊයේ දුටු දියණියක් පමණක් වූවාය, නමුත් අද ඇය දෙවියක් වී ඇත. ඇගේ උපතට පෙර මගේ බිරිඳට ඇය දෙවියන් වහන්සේ බව සිහිනයක් දුටුය” යන්නයි.
කුමාරි දේවියගේ ජීවිතය හා කාර්ය
පවිත්‍ර දේවාතාවියක් වන ඇය කුමරි ගර්භය තුළ වෙන්ව ජීවත් විය යුතුයි. ඇය ප්‍රධාන වශයෙන් ආගමික උත්සව හා රාජ්‍ය මංගල්‍යයන් සඳහා පමණක් යෙදෙයි. ඇගේ පාද පවා භූමිය තුළ ස්පර්ශ නොවේ.
කුමාරිවරු තරමක් හුදකලා ජීවිතයක් ගත කරන අතර, වසරකට කිහිප වතාවක් සිදුවන උත්සව සඳහා පමණක් එළිමහනේ සිටීමට අවසර ලැබෙන අතර, ඔවුන්ට සිටින්නේ තෝරාගත් සෙල්ලම් සගයන් කිහිප දෙනෙකු පමණයි.
ඇය සමාජයට නැවත එකතු වීමේදී බාධක රැසක් අතීතයේ දී මුහුණ දීමට සිදුවුණත් පසුගිය වසර කිහිපය තුළ සම්ප්‍රදායට යම් යම් වෙනස්කම් සිදුවී තිබෙනවා. ඒ රූපවාහිනියක්, පෞද්ගලික උපදේශකයින්ගෙන් නිවසේ සිට අධ්‍යාපනය ලබා ගැනීමට සහ ඩොලර් 110 ක පමණ මාසික වැටපක් සහ විශ්‍රාම වැටුපක්.
ඇගේ රාජකීය ජීවිතයේ අවසානය
කුමාරියක සේවය අවසන් වන්නේ ඇය ගේ පළම ආර්තවය සිදුවන විටදී හෝ බරපතල රෝගයක් හෝ අනතුරක් සිදුවන විටය. එවිට ඇයට සාමාන්‍ය ජීවිතයක් හිමිවනවා. නැවත කුමරියක තෝරාපත්කරගැනිම සිදුවන්නේ ඉන් අනතුරුවයි.
නේපාලයේ කුමාරි සම්ප්රදාය දීර්ඝකාලීන සමාජ–ආගමික උරුමයක්. එය මේ දක්වා පැවති සම්ප්රදාය නව පරම්පරාවකට ගෙනයන වැදගත් අවස්ථාවක් ලෙස සලකනවා.