රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය (මෙත් ඇම්පැටමින්) සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පංචිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 900ක් තිබී ඇති අතර, ඔහු විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කෙසෙල්වත්තේ කවි’ නමැත්තාගේ සමීපතමයෙකු බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත. මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය මගින් සිදුකළ මෙම වැටලීමෙන් පසු සැකකරු හෙට (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














