තමන් මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ සමයේ පක්ෂ අරමුදලට ලබාගත් රුපියල් කෝටි ගණනක වැටුප් මුදල් නැවත ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එම පක්ෂයේ නායකත්වයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වේ. මෙම නීතිමය කටයුතු සඳහා ජනාධිපති නීතිඥවරුන් පිරිසකගේ සහයෝගය ද ඔවුන්ට හිමිව ඇති බව වාර්තා වේ.
හිටපු මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ තමන් පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ කාලය තුළ ලබාගත් සම්පූර්ණ වැටුප පක්ෂ අරමුදලට ලබාගැනීම නීති විරෝධී බවයි. විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් සහ ජවිපෙ හිටපු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සඳහන් කර ඇත්තේ, පක්ෂය විසින් මෙලෙස වැටුප් මුදල් ලබාගෙන පසුව විශ්‍රාම වැටුප ද අහෝසි කිරීම අසාධාරණ බවත්, තම මුදල් නැවත ලබාගැනීමට දිගටම සටන් කරන බවත්ය.














