රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ‘පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ සම්බන්ධයෙන් යළි සලකා බැලීමට තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා සඳහන් කළේ මේ පිළිබඳ අදහස් හා යෝජනා ලබා ගැනීමට පෙබරවාරි 03 සිට මාසයක කාලයක් අධිකරණ අමාත්‍යවරයා විසින් ලබා දී ඇති බවයි. රජයේ මෙම තීරණයත් සමඟ අදාළ පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.














