පළාත් පාලන මැතිවරණය සඳහා දැනට කැඳවා ඇති නාමයෝජනා ආපසු කැඳවා අලුතින් නාමයෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.ඒ අනුව 2023 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයට අදාලව කැඳවා තිබූ නාමයෝජනා අවලංගු කිරීමටත් නව නාමයෝජනා කැඳවීමට අදාල විධිවිධාන ක්‍රියාත්මක කිරීමටත් අනුමැතිය හිමිව ඇත.