පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් සහ එම දිනය විභාග කටයුතුවලට බාධාවක් නොවන අයුරින් යොදා ගැනීම පිළිබඳ ඊයේ (27) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් සාකච්ඡා කර තිබේ.
මැතිරණය පැවැත්වීම සඳහා නිශ්චිත දිනයක් එහිදී තීරණය වී නොමැත.
ඒ අනුව ඉදිරි දිනවල දී යළි කොමිෂන් සභාව රැස්වී අවසන් තීනිදුවක් ගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්විය යුතු බැවින් ඒ සඳහා කොමිෂන් සභාව සුදානමින් සිටින බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.