උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු පළාතේ ඇතැම් ප්‍රදේශවල මි.මී. 50 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවය.
බස්නාහිර, සබරගමුව පළාත්වලද ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලද පස්වරු 1.00 ට පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
අලුයම් වේලාවලදී සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් මතු විය හැක.
ගිගුරුම් සහිත වැසි සමගම ඇති විය හැකි තාවකාලික තද සුළං හා අකුණු හේතුවෙන් ඇතිවන අනතුරු අවම කිරීම සඳහා අවශ්‍ය සුරක්ෂිත පියවර ගැනීමට ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටී.












