• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
in දේශීය, පුවත්
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි
0
SHARES
72
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා සම්බන්ධවයි මෙම විශේෂ මාධ්‍ය හමුව කැදවා තිබුණේ.

එහිදී අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ අදාළ බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් රැගෙන විත් නැති බවයි.

එම බහාලුම් නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කර මෙම බහාලුම් නිදහස් කිරීමට පියවර ගත් බවත් රේගුවට විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිදු නීති විරෝධි දෙයක් අදාළ බහාලුම් තුළ අන්තර්ගතව නොතිබූ බවට තමන් විශ්වාස කරන බවද සීවලි අරුක්ගොඩ මහතා පවසයි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා,

“ආනයනය කරපු මේ බහාලුම්වල තිබුණේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සත්ව ආහාර, මැෂින් වර්ග, පලිබෝදනාශක, සිමෙන්ති, යකඩ පයිප් වර්ග, පොහොර, සිමෙන්ති, දැව වගේ දේවල් තමයි අඩංගු වෙලා තිබුණේ. මේ බහාලුම් ආනයනය කරලා තිබුණේ ඉන්දියාවෙන් සහ චීනයෙන් තමයි ගොඩක්ම. ඊට අමතරව ඉන්දුනිසියාව, හොංකොංග්, සිංගප්පූරුව, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ රටවලිනුත් මේ බහාලුම් ආනයනය කරලා තිබුණා. 

මේ බහාලුම් නිදහස් කිරීමේදි අපි අනුගමනය කරන ලද ක්‍රමවේදය නිසා අපි විශ්වාස කරනවා මේ බහාලුම්වල තිබුණේ ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණයි කියලා. මේ භාණ්ඩ නිදහස් කිරීමේ ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කරලා තමයි මේ බහාලුම් නිදහස් කිරීම සිදු කළේ. 

පහුගිය කාලේ අපිට චෝදනා නගලා තිබුණා. ආයුද තියෙන්න පුළුවන් කියලා. නැත්නම් රත්‍රං තියෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කියලා… ඉතිං අපි තෝරාගන්න මේ ක්‍රමවේද  අනුගමනය කරපු නිසා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ බහාලුම්වල ඔය කියන කිසිම දෙයක් තිබුණේ නෑ කියන එක. 

කෙසේ වෙතත් මේ සම්බන්ධව දැඩි කතා බහක් ඇති වෙලා තියෙන නිසාම ශ්‍රී ලංකා රේගුව මේ සඳහා පශ්චාත් නිශ්කාශන විගණනයක් සිදු කිරීමට තීරණය කරලා තියෙනවා. ඒ සඳහා පශ්චාත් නිගමන අංශයෙන් මේ වන විටත් විගණනයක් සිදුකරමින් යනවා. ඒ වගේම මුදල් අමාත්‍යංශ ලේකම්තුමා විසින් පත්කරන ලද ඉහළ පෙළේ කමිටුවයක් මගින් මේ සමස්ත ක්‍රියාදාමයම විමර්ශනයට ලක් කරලා තියෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සියලුම නිලධාරීන් මේ කමිටුවට ගිහිල්ලා අපි විස්තර ලබා දීලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අපි විස්තර ලබා දීලා තියෙනවා ඒ නිසා අපිට කිසිම සැකයක් නැහැ.

ඒ වගේම මේ බහාලුම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේදී වෙන කිසිම පාර්ශ්වයකින් අණක් හෝ බලපෑමක් සිදුවුණේ නෑ. ඒක මට බොහොම ස්ථීරවම කියන්න පුළුවන්.”

Post Views: 75
Previous Post

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

Next Post

නැවතත් කාලගුණයෙන් බාධා

Editor TTV News

Editor TTV News

Next Post
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved