ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපතිවරයාගේ පරිහරණය සඳහා ටොයෝටා ප්‍රාඩෝ (Toyota Prado) වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් නීති විරෝධී ලෙස කුලී පදනම මත ලබාගෙන රජයට රුපියල් එක්කෝටි විසිහත් ලක්ෂ පනස් දහසක (රු. 12,750,000) පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත එම මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) අත්අඩංගුවට ගෙන ඇත.
නීත්‍යනුකූල ටෙන්ඩර් හෝ මිල කැඳවීම් පටිපාටිවලින් බැහැරව අදාළ වාහනය කුලී පදනම මත ලබාගැනීම හරහා දූෂණය නම් වරද සිදුකිරීම.
රථය සඳහා ගෙවන ලද රුපියල් 12,750,000.00 ක මුදල රජයට සිදු වූ සෘජු මූල්‍ය පාඩුවක් ලෙස හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
රාජ්‍ය ආයතන තුළ සිදුවන මෙවැනි මූල්‍ය අක්‍රමිකතා මැඩලීම සඳහා අල්ලස් කොමිසම විසින් විමර්ශන දැඩි කර ඇත.













