• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රාථමික අධ්‍යාපනය තුළ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය දිය යුතුයි -ඇමැති සුසිල්

31 May 2024
in දේශීය, පුවත්
ප්‍රාථමික අධ්‍යාපනය තුළ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය දිය යුතුයි -ඇමැති සුසිල්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් අධ්‍යයන කටයුතුවලට වඩා විෂය අධ්‍යාපන බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වල වැඩි වශයෙන් නිරත කරවිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇති ව නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 15න් පහළ හා 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

එහි දී ක්‍රිකට් ක්‍රීඩාව වැනි විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත වීම මගින් දරුවන් තුළ සමබර පෞරුෂයක් ගොඩනැගෙන අතර එමගින් තුලනාත්මක හැකියාවන් සහිත දරුවකු බිහි කරගත හැකි බව හෙතෙම පැවසිය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරු ව කොවිඩ් සමයේ පාසල් වසා තිබූ කාල පරිච්ඡේදය තුළ මගහැරී තිබූ පාසල් ක්‍රීඩා තරග නිසි ලෙස පවත්වා අවසන් කිරීමට හැකි වූ බවයි.

ඒ අනුව පාසල් සිසුන් අතර ඉතා ජනප්‍රියත්වයට පත් ව ඇති ක්‍රිකට් ක්‍රීඩාව පාසල් මට්ටමින් නංවාලීම සඳහා අය-වැය ප්‍රතිපාදන මගින් වෙන් වී ඇති රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන පාසල්වල ක්‍රීඩාංගණ, ක්‍රීඩාගාර දියුණු කිරීමට හා ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීම සඳහා ලබා දීමට ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියා කරන බවත් හෙතෙම මෙහි දී පැවසී ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපාදන හා සහාය ද ලබාගනිමින් විෂය බාහිර ක්‍රියාකාරකමක් වූ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට කටයුතු කරන බවත් රටට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කරන තෝතැන්න පාසල බවත් අමාත්‍යවරයා පැවසීය.

නව තාක්ෂණය, දේශගුණ විපර්යාස, මනා පෞරුෂත්වයක් සහිත දරුවන් බිහි කිරීම වැනි කාලීන මාතෘකා පිළිබඳ ගෝලීය වශයෙන් පුළුල් අවධානයක් යොමු වී ඇති පසුබිමක එම ජාත්‍යන්තර ප්‍රවණතා කෙරෙහි ද සැලකිලිමත් ‍වෙමින් අපේ අධ්‍යාපන පද්ධතිය ද යාවත්කාලීන කළ යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව දියුණු රටවල අධ්‍යාපන මට්ටමට අනුරූපී වෙමින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදු කිරීමට යන නව අධ්‍යාපන පරිවර්තනීය වෙනස තුළ මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රමුඛ තැනක් ලබා දෙන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

ඉදිරියේ දී ප්‍රාථමික ශ්‍රේණිවල පවත්වන විභාග ප්‍රමාණය අඩු කර පන්ති කාමරයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ආශ්‍රිත අධ්‍යයන කටයුතු බහුල කිරීමට අවධානය යොමු කරන බවත් අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 12,579
Previous Post

අනුරාධපුර ගල්කුළම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය විවෘත කෙරේ

Next Post

ගුරු වර්ජනය ක්‍රියාත්මක වූවද පාසල් වල කටයුතු සාමාන්‍යය පරිදී

editor ttvnews

editor ttvnews

Next Post
ගුරු වර්ජනය ක්‍රියාත්මක වූවද පාසල් වල කටයුතු සාමාන්‍යය පරිදී

ගුරු වර්ජනය ක්‍රියාත්මක වූවද පාසල් වල කටයුතු සාමාන්‍යය පරිදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved