• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රියන්ත මායාදුන්නේ ගැන අධිකරණයේදී හෙළිවූ තොරතුරු

31 January 2025
in දේශීය, පුවත්
ප්‍රියන්ත මායාදුන්නේ ගැන අධිකරණයේදී හෙළිවූ තොරතුරු
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

2011දී සමුපකාර අරමුදලට අයත් රුපියල් ලක්ෂයක මුදලක් සාපරාධි විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ වෙතත්, සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ඇප හිමිවුණි.

2011 කුරුණෑගල පැවති ” ඉසුරු සවිය ” ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම වෙනුවෙන් සමූපකාර අරමුදලින් රුපියල් මිලියන 183ක් වියදම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.

ඒ එම සිදුවීමට අදාළව එවක සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස රුපියල් ලක්ෂයක මුදලක් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවටය.

නීතිපති උපදෙස් මත පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනු සැකකාර ප්‍රියන්ත මයාදුන්න මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය හමුවට ඉදිරිපත් කළාය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ප්‍රශ්නගත රුපියල් 100,000ක මුදල අදාළ උත්සවයේ ප්‍රවාහන කටයුතු සඳහා වැය කළ බව සැකකරු පැවසුව ද, එය වියදම් කළ ආකාරය සනාථ කිරීමට ඔහු අපොහොසත්වී ඇති බවය.

අදාළ මුදල කවර පුද්ගලයෙකුට ලබාදුන්නේදැයි කළ විමසීමේදී එය එවකට සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාව සිටී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂකයෙකුට දුන් බව සැකකරු පැවසුවද ඒ කවර තැනැත්තෙකුටදැයි පැවසීමට සැකකරුට නොහැකි වූ බවද විමර්ශන නිලධාරින් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකාර ප්‍රියන්ත මයාදුන්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග පෙරේරා මහතා කියා සිටියේ අමාත්‍යවරයාගේ උපදෙස් මත එම මුදල ලබාදුන්නද වසර 13කට පෙරවූ සිද්ධියක් බැවින් එම මුදල දුන්නේ කාටද යන්න පිළිබඳ තම සේවා දායකයාට මතකයක් නොමැති බවය.

මෙම සැකකරු සිද්ධියේ අතරමැදියෙකු පමණක් වන අතර අයථා මුදල් පරිහරණයකට ඔහු වැරදිකරු බව පැවසීමට ප්‍රමාණවත් කරුණු නොමැති බව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙහිදී සඳහන් කළාය.

එබැවින් සැකකරුගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් හේතුවක් නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප 02ක් මත සැකකරු ඇපමත මුදා හැරීමට නියෝග කෙරුණි.

විමර්ශනවල ප්‍රගතිය සඳහා නඩුව මැයි 28 වනදා යළි කැඳවීමට නියමිතය.

Post Views: 16
Previous Post

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

Next Post

ඔන්ලයින් රැකියා පෙන්වා පිරමිඩ සමාගමක් කෝටි ගණන් ගරලා

Editor TTV News

Editor TTV News

Next Post
ඔන්ලයින් රැකියා පෙන්වා පිරමිඩ සමාගමක් කෝටි ගණන් ගරලා

ඔන්ලයින් රැකියා පෙන්වා පිරමිඩ සමාගමක් කෝටි ගණන් ගරලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

17 June 2025
පැය 48ක වැඩවර්ජනයක් ?

පැය 48ක වැඩවර්ජනයක් ?

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved