ප්රවීණ ගායන ශිල්පී ප්රියා සූරියසේන මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
ඒ, කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීයි.
අභාවප්රාප්ත වනවිට ඒ මහතා 80 හැවිරිදි වියේ පසු වුණා.
දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.
ප්රියා සූරියසේන මහතා 1968 වසරේදී සංගීත ක්ෂේත්රයට පිවිසියේ බයිලා ගීත ගායනයෙන් වන අතර 1972 වසරේදී සරල ගී ගායනයට පිවිසුණා.