එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ පොදුජන පෙරමුණේ හිටපු ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාදේශීය හිටපු සහ දැනට සිටින දේශපාලන චරිත, ප්‍රබල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 10ක් සමග සෘජු සම්බන්ධතා පවත්වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා.
ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.