2025 අය වැය විවාදයේ දි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සදහා වාර්ෂික ගෘහස්ත ක්‍රීඩා උත්සවයක් පවත්වා තිබෙනවා.
මෙම වාර්ෂික ක්‍රීඩා උත්සවයේ මේස පන්දු තරගයට තමන් සහභාගීව එහි ශූරතාවය ලබාගත් බව ජාතික ජනබලවේගය පක්ෂයේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටච්චි පවසයි.
එසේම යුගල තරගය සඳහා ද තමන් චතුරංග අබේසිංහ මන්ත‍්‍රීවරයා සමඟ සහභාගීව ශූරතාව ලැබූ බවත් ඇය සඳහන් කර තිබේ
ඇය මේ බව සඳහන් කර තිබෙන්නේ සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමිනි .
ත්‍යාග, කුසලාන සහ සහතිකපත් ප්‍රදානය අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා උත්සවය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මහ ලේකම් කුෂානි රෝහණධීර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රදානත්වයෙන් පැවැත්වු බවද එහි සඳහන් ය