මෙරටට වාහන ආනයනය කිරීම යළි ආරම්භ කිරීමත් සමඟ දේශීය වෙළඳපොළේ පාවිච්චි කරන ලද වාහන මිල ගණන් සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව වාහන අලෙවිකරුවන් පවසයි. නවීන පන්නයේ වාහන සාධාරණ මිල ගණන් යටතේ වෙළඳපොළට පැමිණීම හේතුවෙන් මෙතෙක් පැවති අධික මිල ගණන් මෙලෙස පහළ බැස තිබේ.
පසුගිය වසරේ පැවති මිල සහ වර්තමාන වෙළඳපොළේ පවතින නවතම මිල ගණන් පහතින් දැක්වේ
– ටොයෝටා ප්‍රිමියර් (2017): පෙර මිල රු. එක්කෝටි 60 ලක්ෂය – නව මිල රු. එක්කෝටි 35 ලක්ෂය
– ටොයෝටා විට්ස් (2018): පෙර මිල රු. ලක්ෂ 90 – නව මිල රු. ලක්ෂ 65
– ටොයෝටා ඇක්වා ජී (2012): පෙර මිල රු. ලක්ෂ 75 – නව මිල රු. ලක්ෂ 58
– හොන්ඩා වෙසල් (2014): පෙර මිල රු. ලක්ෂ 96 – නව මිල රු. ලක්ෂ 80
-හොන්ඩා ෆිට් (2012): පෙර මිල රු. ලක්ෂ 83 – නව මිල රු. ලක්ෂ 57
– හොන්ඩා ග්‍රේස් (2014): පෙර මිල රු. ලක්ෂ 95 – නව මිල රු. ලක්ෂ 78
– නිශාන් එක්ස් ට්‍රේල් (2015): පෙර මිල රු. එක්කෝටි 40 ලක්ෂය – නව මිල රු. ලක්ෂ 90
– සුසුකි වැගන් ආර් (2014): පෙර මිල රු. ලක්ෂ 62 – නව මිල රු. ලක්ෂ 45
– සුසුකි ඇල්ටෝ (2015): පෙර මිල රු. ලක්ෂ 39 – නව මිල රු. ලක්ෂ 27
– සුසුකි ජපන් ඇල්ටෝ (2017): පෙර මිල රු. ලක්ෂ 52 – නව මිල රු. ලක්ෂ 40
– මයික්‍රෝ පැන්ඩා (2015): පෙර මිල රු. ලක්ෂ 30 – නව මිල රු. ලක්ෂ 20
වාහන ආනයනය තවදුරටත් පුළුල් වීමත් සමඟ ඉදිරි කාලයේදී මිල ගණන් තවදුරටත් ස්ථාවර වනු ඇති බවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ විශ්වාසය පළ කරති.














