දිවයින පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුවේ දි අද (21) පවසා සිටියා.
අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ, ජාතික පාසල්වල පුරප්පාඩු 1,501ක් ඇති බවය.
එමෙන්ම පළාත් පාසල් ලෙස බස්නාහිර ගුරු පුරප්පාඩු 4,630ක්,
දකුණ 2,513ක්
මධ්‍යම 6,318ක්
වයඹ 2,990ත්
ඌව 2,780ක්
උතුරු මැද 1,568ක්
නැගෙනහිර 6,613ක්
සබරගමුව 3,994ක් සහ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3,271ක්
වාර්තා වී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ.
මේ සඳහා ඉදිරියේ දී දිවයිනේ ජාතික පාසල්වල විද්‍යා, ගණිත, තාක්ෂණ විෂයන්, විදේශ භාෂා සහ 13 වසරක අකණ්ඩ විෂයන් සඳහා මෙන්ම අපොස උසස් පෙළ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍ය පුරප්පාඩු සඳහා පසුගිය 2024.07.28 වන දින සිට බඳවා ගැනීම් සිදුකර තිබෙන බවත් එහිදී ගුරු සේවයේ තුන්වන (ආ) 1 ශ්‍රේණීයට අයත් වැඩභාර නොගත් උපාධිධාරීන් 353ක් ඉදිරි මාස 2ක තුළ බඳවා ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍යවරිය පැවසුවා.