8 September 2024
#පුවත්

පාසල් පද්ධතියේ විශිෂ්ට විදුහල්පති හා ගුරුන් තෝරයි

ඔක්තෝම්බර් 05 දාට යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමීව  පාසල් පද්ධතියේ ඉහල කාර්ය සාධනයක් සහිත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තෝරා ඇගැයීමේ  වාර්ෂික   “ගුරු  ප්‍රතිභා ප්‍රභා 2024 ” උළෙල සඳහා මෙම මස 07 දා දක්වා අයදුම්පත්  බාර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2023 වර්ෂය තුළදී පාසල්වල ශිෂ්‍ය සාධනය ,ඉගෙනුම් ඉගන්වීම් ක්‍රියාවලිය ,විෂය මාලා කළමනාකරණය ,විෂය සමගාමී කටයුතු,ගුරු සිසු සුබසාධනය,නායකත්වය හා කළමනාකරණය ,භෞතික සම්පත් කළමනාකරණය සහ පාසල් ප්‍රජාව යන විශිෂ්ට ව්‍යවහාර ක්ෂේත්‍ර ඔස්සේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් පෙන්වා ඇති කුසලතාවන් පදනම් කර ගනිමින් මේ සඳහා සුදුස්සන් තෝරා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

වැටුප් රහිත නිවාඩු ලබා නොමැති,විනය විමර්ශන නොමැති,විනය හෝ සාපරාධී වැරදිකරුවන් නොවූ  වසර තුනක අවම  සතුටුදායක සේවා කාලයක් ඇති අධ්‍යාපන පරිපාලන සේවය,විදුහල්පති සේවය හා ගුරු සේවයේ දැනට රජයේ  පාසල්වල සේවයේ නියුතු විදුහල්පති හා ගුරු දෙපාර්ශවයට මේ සඳහා ඉල්ලුම් කළ හැකිවේ.මෙම ඇගැයීම් උළෙල  ජාතික මට්ටමින් ඔක්තෝම්බර් 04 දින පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

ජේ.ඉඳුරුවගේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *