බදුල්ල ප්‍රදේශයේ පාසල් දැරියන් 9-20ත් අතර පිරිසක් සහ තරුණයන් 7-8 දෙනෙකු සතිපතා කරකැවිල්ල, ක්ලාන්තය, වේගයෙන් හුස්ම ගැනීම සහ පපුවේ කැක්කුම වැනි රෝග ලක්ෂණ සහිතව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන බව බදුල්ල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ මහතා අනාවරණය කරයි. අත් පා හිරිවැටීම, දහඩිය දැමීම සහ හුස්ම ගැනීමේ අපහසුව වැනි ලක්ෂණ පෙන්වන මෙම තත්ත්වය “අනියත බිය” හෙවත් Panic Attack ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
මෙම තත්ත්වය දියවැඩියාව, තයිරොයිඩ් ගැටලු හෝ මානසික ව්‍යාකූලතා නිසා ඇතිවිය හැකි බැවින්, රෝගියා කලබලයට පත් නොකර වහාම රෝහල්ගත කරන ලෙසත්, වේගයෙන් හුස්ම ගන්නේ නම් එය පාලනය කිරීමට උපදෙස් දෙන ලෙසත් වෛද්‍යවරු දැනුම් දෙති. මෙය මානසික උපදේශනය මඟින් නිට්ටාවටම සුව කළ හැකි බවත්, විශේෂයෙන් පාසල් ගුරුවරුන් මෙම තත්ත්වය පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.













