• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු වින්දිතයන්ට සාධාරණය හා යුක්තිය ඉටුකරනවා

7 October 2024
in දේශීය, පුවත්
පාස්කු වින්දිතයන්ට සාධාරණය හා යුක්තිය ඉටුකරනවා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ අද (06)  මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

අද පෙරවරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි ජනාධිපතිවරයා  පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.

ජනාධිපතිවරයාගේ සංචාරය සනිටුහන් කරමින් සිහිවටන තිළිණයක් ද පිළිගැන්විණි.

අනතුරුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡාවකට එක් වූ අතර පාස්කු ප්‍රහාරයේ වින්දතයින් ලෙස ඔවුන්ගේ ගැටලු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.

මෙරට මෑත කාලයේ විශාලතම ඛේදවාචකය සිදු වූයේ 2019 අප්‍රේල් 21 වනදා බවත් එම ඛේදවාචකය කාලයේ වැලි තලාවට යටපත් වුවත් එය මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

පසුගිය ජනාධිපතිවරණ‍යේදී ජනතාව සිය දේශපාලන තීන්දුව ගැනීමට බලපෑ සාධක අතුරෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණය හා යුක්තිය ඉටු වීමේ අපේක්ෂාවද ඇතුළත් බව තමා විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මේ රටේ පුරවැසියන්ගේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව හා තම අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව එකක් බව පැවසූ ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මෙරට ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා සාධාරණය ඉටු කිරීම තම අපේක්ෂාව බවත්, ඒ පිළිබඳ කටයුතු මේවන විටත් ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළේය.

එවකට පැවති රාජ්‍ය යාන්ත්‍රණය ද මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවාදැයි යන සැකයද සමාජයේ පවතින බවත් එවන් තත්ත්වයක් පවතින්නේ නම් අපේ රට සෑම විටම අනාරක්ෂිත මෙන්ම අතිශය භයානක තත්ත්වයක් තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව දෙවනුව මෙහිදී සිදු වූයේ කුමක්ද යන්න හෙළිදරවු කර ගැනීම වඩා වැදගත් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.මෙහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට සාධාරණයක් ඉටුකර ගැනීමට ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ ද විසඳුමක් නොලැබුණු බවයි. විපතට පත් වූවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජයයන් කටයුතු කළත් මෙම ප්‍රහාරයට හේතුව කුමක්ද යන ප්‍රශ්නය  ජනතාව තුළ තිබෙන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.කටුවාපිටිය දේවස්ථාන භාර මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා ඇතුළු පාස්කු ප්‍රහාරය වින්ඳිතයන්, බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 20
Previous Post

සාම්ප්‍රදායික දේශපාලන කුහකකම අපේ ගමනේ නෑ

Next Post

අදත් මි.මී.100ට වැඩි තද වැසි – ඊයේ වැඩිම වර්ෂාපතනය කොළඹට

Editor TTV News

Editor TTV News

Next Post
අදත් මි.මී.100ට වැඩි තද වැසි – ඊයේ වැඩිම වර්ෂාපතනය කොළඹට

අදත් මි.මී.100ට වැඩි තද වැසි - ඊයේ වැඩිම වර්ෂාපතනය කොළඹට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved