ඊයේ (18) රාත්‍රියේ සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගෙන තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසා සිටියි.
ඒ අනුව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමට පියවර ගන්නා බව ය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, කොළඹ කොටුවේ සිට බත්තරමුල්ල දක්වා රාත්‍රි කාලයේ ලංගම බස් සේවාවක් ද අද සිට ක්‍රියාත්මක කරන බවයි