• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්පෝට් ලොක්කා නඩුව නිමවන තෙක් රිමාන්ඩ්!

26 September 2024
in දේශීය, පුවත්
පාස්පෝට් ලොක්කා නඩුව නිමවන තෙක් රිමාන්ඩ්!
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

විද්‍යුත් වීසා ක්‍රමය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමේ කැබිනට් තීරණය අත්හිටුවීමට දුන් නියෝගය ක්‍රියාත්මක නොකළ
විද්‍යුත් වීසා ක්‍රමය යටතේ වීසා නිකුත්කිරීමට රජය ගෙන තිබූ තීරණය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධීකරණය විසින් නිකුත්කර තිබූ අතුරු තහනම් නියෝගය ඇතුළු නියෝග ක්‍රියාත්මක කිරීම පැහැරහැර තිබූ ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ඔහුට එරෙහිව ගොනු කර ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වූ නඩු තුන අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධීකරණය ඊයේ (25 දා) පස්වරුවේ නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධීකරණය විසින් පසුගිය 13වැනිදා නිකුත් කළ නියෝගය අනුව හර්ෂ ඉලුක්පිටිය මහතා ඊයේ (25 දා) ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ පෙනි සිටියේය. පෙත්සම්කාර පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය පරිදි අධිකරණයට අපහාස කිරීමේ චෝදනා කෙටුම්පත් තුන විවෘත අධිකරණය හමුවේදී ශ්‍රේෂ්ඨාධීකරණ ලේඛකාධිකාරිවරයා විසින් අත්සන් තැබීමෙන් අනතුරුව ඔහු විසින්ම එකී චෝදනා පත්‍ර ක්‍රියවා දී හර්ෂ ඉලුක්පිටිය මහතාට භාරදීම දුනි.

සිය සේවාදායකයා එකි චෝදනාවලට නිවැරදිකරු බව හර්ෂ ඉලුක්පිටිය මහතා වෙනුවෙන් පෙනි සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා හා මාකර් මුස්තාපා මහත්මිය විනිසුරු මඬුල්ලට පැවසූහ. ඉන් අනතුරුව විවෘත අධිකරණය හමුවට බන්ධනාගාර නිලධාරියකු කැඳවූ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ ප්‍රීති පද්මන් සූරසේන මහතා වගඋත්තරකරුව විවෘත අධිකරණය තුළ රඳවා තබා ගන්නා ලෙසට නියෝග කළේය.

රටේ ඉහළම අධිකරණය විසින් ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම ඉතාම බරපතළ කරුණක් බවත් නීතියේ ආධිපත්‍ය සුරැකීමේ වගකීම පැවරී ඇති තම අධිකරණයට එවැනි බරපතළ වැරදි සිදුකරන අවස්ථාවලදී නිහඬව සිටීමේ හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන් ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ හා අචල

වෙන්ගප්පුලි යන ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල විනාඩි 15කට නඩු කටයුතු අත්හිටුවා අධිකරණ ශාලාවෙන් පිට වූහ. විනිසුරු මඬුල්ල යළි රැස්වූ අවස්ථාවේදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා හා මාකර් මුස්තාපා මහත්මිය සිය සේවාදායකයා හිතාමතාම අධිකරණය විසින් නිකුත්කර තිබූ වාරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැරහැරීමක් සිදුකර නොමැති බවත් තාක්ෂණික හේතුන් මත ඒවා ක්‍රියාත්මක කිරීමට ඇති අපහසුතා පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණය දැනුම්වත් කර ඇති බවත් පැවසූහ.

එබැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත නොකර ඇපමත මුදාහරින ලෙසට ද වගඋත්තරකරුගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. මෙම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය සතුව තිබූ නඩු ගොනුවේ ඇතුළත් ලේඛනයක් පදනම් කරගෙන ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දැක්වීම ආරම්භ කළ අතර ජනාධිපති නීතිඥවරයා තම අධිකරණයට කරුණු දැක්වනුයේ නීතිපතිවරයා හෝ රජය වෙනුවෙන්ද නැතහොත් වගඋත්තරකරු වෙනුවෙන් දැයි සභාපති විනිසුරු විමසා සිටියේය.

සිය සේවාදායකයා අධිකරණය විසින් පසුගිය අගෝස්තු 2වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝග හතර අනුව කටයුතු කිරීමට සූදානම් බවත් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බවත් ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා විනිසුරු මඬුල්ලට පැවසීය. තම අධිකරණය විසින් එකී අතුරු තහනම් නියෝග නිකුත්කොට ඇත්තේ පෙත්සම්කාර පාර්ශ්වය මෙන්ම වගඋත්තරකාර පාර්ශ්වය ඇතුළු සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා එය ජාතික ගැටලුවක් වන බව තේරුම් ගැනීමෙන් අනතුරුව වන්නේ යැයි සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා එම අවස්ථාවේදී පැවසීය.

අධිකරණයේ නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිටත් අවශ්‍ය අංශ සමග සාකච්ඡා කොට අවසන් බව ද ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා එහිදී විනිසුරු මඬුල්ලට පැවැසීය. අධිකරණය එකී අතුරු තහනම් නියෝග නිකුත්කොට මාස එකහමාරක කාලයක් ගතවන තුරුත් පළමුවන වගඋත්තරකාර හර්ෂ ඉලුක්පිටිය එකී නියෝග අනුව කටයුතු කිරීමට කිසිදු උත්සාහයක් දරා නොමැති බව පසුගිය 13වැනිදා අධිකරණය හමුවේ එම දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයා ලබාදුන් සාක්ෂිය අනුවම පැහැදිලි වන්නේ යැයි පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළ ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා විනිසුරු මඬුල්ලට පැවසීය.

පසුගිය 13වැනිදා විනිසුරු මඬුල්ල විසින් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට නියෝගයක් ලබාදීමෙන් පසුවත් මුලින් දැක්වූ කරුණුවලට පටහැනිව කරුණු දක්වමින් නැවත වරක් අධිකරණයට අපහාස කිරීමට උත්සාහ දරා ඇති බව පෙනෙන්නට ඇතැයි පැවසූ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා වගඋත්තරකරු නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කළ යුතුව ඇතැයි ද විනිසුරු මඬුල්ලට පැවැසීය. විදේශයකදී ලැබුණු අධිකරණ නියෝග අනුව ඔහු අධිකරණය හමුවට දැඩි දුෂ්කරතා මැද හෝ පෙනී සිටියේ අධිකරණයට ගරු කරමින් වන බැවින් පෙත්සම්කාර පාර්ශ්වයේ එම ඉල්ලීමට ඉඩදීම යුක්ති සහගත නොවන බව ද ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා විනිසුරු මඬුල්ලට පැවසීය. මෙකී ගැටලුව නිසා සංචාරක ව්‍යාපාරයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බැවින් අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය ප්‍රකාරව කටයුතු කිරීමට නියෝගයක් කරන්නැයි සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරමින් පෙනි සිටි නීතිඥ සුරේන් ඥානරාජ් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනි සිටි නියෝජ්‍ය ආගමන පාලක හා පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයා ඉදිරියට කැඳ වූ විනිසුරු මඬුල්ල එම දෙපාර්තමේන්තුවේ බලධාරියා ලෙස කටයුතු කළ පළමු වගඋත්තරකාර ආගමන විගමන පාලකවරයාට තම අධිකරණය විසින් ලබාදී ඇති නියෝග අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස අවශ්‍ය බලධාරීන් දැනුවත් කළ යුතුව ඇතැයි පෙන්වා දුන්හ.

මේ වනවිට නව කැබිනට් මණ්ඩලයක් පත්කර විෂය භාර නව අමාත්‍යවරයකු පත්කර ඇති බැවින් ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පවතින්නේ යැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය විනිසුරු මඬුල්ලට පැවසූවාය. එවැනි අවශ්‍යතාවයක් ඇති බව තම අධිකරණයට නොපෙන්නේ යැයි විනිසුරු මඬුල්ල පැවසූහ. එම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කොට වීඑෆ්එස් වර්ල්ඩ්වයිඩ් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් වෙනුවෙන් සුදත් පෙරේරා, ඇසෝසියේටඩ් නීතිඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනි සිටියහ.

එම නඩු තුන සම්බන්ධයෙන් විභාගය ලබන ජනවාරි 22වැනිදා ආරම්භ කිරීමට ද විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළහ.

 

Post Views: 18
Previous Post

මහ මැතිවරණය: තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඇරඹේ

Next Post

මහ ඡන්දෙට මුද්‍රණ වැඩ අරඹයි

Editor TTV News

Editor TTV News

Next Post
මහ ඡන්දෙට මුද්‍රණ වැඩ අරඹයි

මහ ඡන්දෙට මුද්‍රණ වැඩ අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved