• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසැලේ සිදුවන ළමා හිංසනයට ඉඩ නොතැබිය යුතුයි – අගමැති

28 May 2025
in දේශීය, පුවත්
පාසැලේ සිදුවන ළමා  හිංසනයට ඉඩ නොතැබිය යුතුයි – අගමැති
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑමක් වාර්තා වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ළමුන් යනු රජයක මූලික වගකීමක් බවත්, ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් තැබීමෙන් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත්, ඔවුන්ගේ උපරිම යහපත වෙනුවෙන් කටයුතු කිරීමටත් බැදී සිටින බවත්, එබැවින් එම වගකීම රජයට මෙන්ම පාසල් පද්ධතිය භාරව කටයුතු කරන රජයේ නියෝජිතයන් වන සියලුම නිලධරයන්ටත් පැවරෙන බවත් පෙන්වා දුන්නා ය.

මෑතක සිට වර්තා වන ළමා අපයෝජන දෙස බැලීමේ දී, පාසල් පද්ධතිය තුළ දරුවන්ට මුහුණ දීමට සිදුව ඇති ළමා අපයෝජනවල සංඛ්‍යාත්මක වැඩිවීමක් දක්නට ලැබෙන බවත්, එහෙත් නිවස මෙන් ම පාසල ද දරුවන්ට ආරක්ෂිත හා හිතකර පරිසරයන් විය යුතුව ඇතිබවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, දෙමාපියන් දරුවන් පාසල් යවන්නේ පාසලේ විදුහල්පති සහ ගුරුවරුන් කෙරෙහි ඇති විශ්වාස මත බවත්, එබැවින් පාසල දරුවාට කිසිසේත් ම අනාරක්ෂිත ස්ථානයක් බවට පත් නොකළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.

පාසල් පද්ධතිය තුළ, ළමුන්ට එරෙහිව සිදු වන කුමන ආකාරයක හෝ හිංසනයන් තව දුරටත් සිදු නොවිය යුතු බවත්, පාසල තුළ දී දරුවා මුහුණ දෙන්නේ ශාරීරික අපයෝජනයකට වුවත්, ලිංගික අපයොජනයකට වුවත්, වෙනත් ආකාරයක නොසළකා හැරීමකට වුවත්, මානසික අපයෝජනයකට වුවත් එය සැඟවීම හෝ එය නොතකා කටයුතු කිරීම නොකළ යුතු බවත් පෙනුවා දුන් අග්‍රාමාත්‍යවරිය, එය සැඟවිය යුතු හෝ නොසලකා හැරිය යුත් කාරණාවක් නොව, පාසලේ ප්‍රධාන බලධරයා වශයෙන් විදුහල්පතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දුන්නාය.
එබඳු ක්‍රියා නොතකා හරිමින් කටයුතු කරන්නේ නම් එය සමස්ත පාසල් පද්ධතියේ ම අසාර්ථකත්වයට හේතු වන බැවින්, එවන් අවස්ථාවන්හි දී ඉතාමත් ඉක්මනින් සහ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නා ය.ළමා අපයෝජනයට නසි ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද වන සෑම විටකම ඊට මුහුණ පෑ දරුවාට ශාරීරිකව සහ මානසිකව ආපසු හැරවිය නොහැකි ආකාරයේ හානියක් සිදු වන බවත්, එබැවින් අවස්ථාවෝචිත මැදිහත්වීමකින් ජීවිතයක් බේරා ගැනීමටත්, ආත්ම ගෞරවය ආරක්ෂා කොට යුක්තිය සහතික කිරීමට හැකියාව ලැබෙන බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් නිලධාරීන් ළමුන්ට එරෙහි සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් හඳුනා ගැනීමටත්, වැළැක්වීමට, වාර්තා කිරීමටත් අදාළ දැනුම සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය ක්‍රමෝපායන් පිළිබඳව දැනුම්වත් වීම ඉතාම වැදගත් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, නිරන්තරයෙන් දරුවන් සමඟ සම්බන්ධ වන ඔබ සියලු දෙනා ළමා අයිතිවාසිකම් පිළිබඳ වත්, නීතිමය ආරක්ෂණ ක්‍රම පිළිබඳ වත් දැන සිටිය යුතු බවත්, ළමා මනස තෙරුම් ගැනීමටත් දරුවන් සමඟ නිවරදිව කටයුතු කිරීමටත් උපකාරී වන ළමා මනෝවිද්‍යාව හදාරා තිබීමත් ඉතා ම වැදගත් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

දරුවන් තුළ ඇති වන පීඩාවන් හඳුනාගැනීමටත්, දරුවන් තුළ ඇති වන කම්පනය ඔවුන්ගේ ඉගෙනීමට බලපාන ආකාරය තේරුම් ගැනීමටත් දරුවන් වෙත ඉතාමත් සමීපව, සහකම්පනයෙන් යුතුව සැලකිල්ලෙන් ප්‍රතිචාර දැක්වීමට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සේවය කරන නිලධාරින් පුහුණුව ලබා තිබීම මෙන් ම අවශ්‍ය අවස්ථාවේ දී එම දැනුම භාවිතයට තැනීමත් ඉතා වැදගත් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ළමා ආරක්ෂණය පිළිබඳ ව රජයේ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් වැඩි අවධානයක් යොමු කරඇති බවත්, දරුවන්ට එරෙහි අපයෝජන සහ සියලු ආකාරයේ හිංසනයන්ගෙන් දරුවන්ව ආරක්ෂා කිරීම එහි මූලික අරමුණ වශයෙන් සඳහන් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

Post Views: 10
Previous Post

මාලනී ෆොන්සේකාගේ ජනාධිපති අරමුදල් අවභාවිතාවේ ඇත්ත කතාව

Next Post

අඩුවයසින් ළමා ගැබ් ගැනීම් වැඩිම ප්‍රදේශය මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
අඩුවයසින් ළමා ගැබ් ගැනීම් වැඩිම ප්‍රදේශය මෙන්න

අඩුවයසින් ළමා ගැබ් ගැනීම් වැඩිම ප්‍රදේශය මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

29 May 2025
හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

29 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved