ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ පහක සිදුවූ දරුණු රිය අනතුරුවලින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය නිවේදනය කරයි.
පලෙයි ප්‍රදේශයේදී යතුරුපැදියක් අභිබවා යාමට උත්සාහ කළ ටිපර් රථයක ගැටීමෙන් 64 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, වාරියපොළ ඇබවලපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටීමෙන් අනන්‍යතාව තහවුරු නොවූ පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අධික වේගය සහ නොසැලකිලිමත් ධාවනය හේතුවෙන් තරුණ ජීවිත කිහිපයක්ම අහිමි වී ඇති අතර, පාදුක්ක ප්‍රදේශයේදී 16 හැවිරිදි පිරිමි ළමයෙකු පැදවූ යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් ඔහු මියගොස් ඇත. බුලත්සිංහල දියපැරැල්ල හන්දියේදී තවත් යතුරුපැදියක් ඉස්සර කිරීමට ගිය 18 හැවිරිදි තරුණයෙකුගේ යතුරුපැදිය ලිස්සා ගොස් වෑන් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එසේම එගොඩඋයන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ගැටීමෙන් 19 හැවිරිදි තරුණයෙකු ද මියගොස් ඇති බව වාර්තා වේ.














