යක්විල වේරහැර දම්පාඩිය ප්‍රදේශයේදී අද (09) පැරණි වඩු මඩුවක් ඉදිරිපිටදී එහි හිමිකරුට පහරදී ඝාතනය කර ඇති බව කඳානේගෙදර පොලිසිය වාර්තා කරයි. පුද්ගලයින් තිදෙනෙකු විසින් යකඩ පොල්ලකින් සහ බීර බෝතලයකින් සිදුකළ පහරදීම හේතුවෙන් 42 හැවිරිදි අසංක දේශප්‍රිය සේනානායක නැමති එක්දරු පියෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත.
මෙම ඝාතනය පැරණි ආරවුලක් මත සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බවට පොලිසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර විශ්‍රාමික හමුදා සෙබළෙකු ද සිටින බව අනාවරණය වී ඇත. මියගිය පුද්ගලයාගේ බිරිඳ මේ වන විට විදේශගතව සිටින බව ද වාර්තාවේ.














