පිටසක්වල ජීවීන් ලංකාවට ගොඩබසින ජනප්‍රියම ස්ථානය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දහයියාගල කඳුගැටය බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
එය මාදුරුඔය ජලාශයට දකුණු පසින් දිඹුලාගල පිහිටා ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
එම ස්ථානය ලොව විශේෂිත සංචාරක මධ්‍යස්ථානයක් කළ හැකි බව ද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.
මෙම ස්ථානයට පිටසක්වළ ජීවීන් ගොඩබසින බවට ලෝකයට ගිය පණිවිඩයක් ඇති බවත් එය පෝෂණය කළ යුතු බවත් ටී. බී. සරත් අවධාරණය කරයි.
පසුගියදා (19) ජාතික රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් නි. ඇමතිවරයා මේ බව කීය.
ඒ, ජනාධිපති අනුර දිසානායක ඉදිරිපත් කළ දේශීය සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ අයවැය යෝජනාව පිළිබඳ අදහස් දක්වමිනි.