අද (1) සිට අධිවේගී මාර්ගයන් හි ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනයේ ගමන් ගන්නා අය ආසන පටි පැලදීම අනිවාර්ය කර තිබෙනවා.
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය පැවසුවේ මෙම නීතිය මාර්ග ආරක්ෂාව තහවුරුව කිරිමේ අරමුණින් ක්‍රියාත්මක වූ බවයි.
එමෙන්ම, මෙම නියමයට අනුකූල නොවන රියැදුරන්ට සහ මගීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ අතර එළැඹෙන සැප්තැම්බර් මස 1වනදා සිට අධිවේගී මාර්ගයන්හී ගමන්ගන්නා මගී බස්රථවල සියලු මගීන් ද ආසනපටි පැළදීම අනිවාර්ය කිරීමට ජාතික ගමනානමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ජාතික ගමනානමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් පවසා සිටියේ
“සැප්තැම්බර් මස 1වනදා සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගීන් රැගෙන යන බස් රථවල රියදුරා ඇතුළු සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා” බවයි.