• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පියුමි හංසමාලිගේ ආලේපය ගැන අලුත්ම සැකය

21 March 2025
in දේශීය, පුවත්
පියුමි හංසමාලිගේ ආලේපය ගැන අලුත්ම සැකය
0
SHARES
64
VIEWS
Share on FacebookShare on Twitter

නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියම කර තිබේ.

පියුමි හංසමාලි නමැත්තියගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව ඊට අදාළ පැමිණිල්ල අද (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම මෝසම කැඳවූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා අද දින අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී පියුමි හංසමාලී වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමුදු හේවගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායිකාව රූපලාවන්‍ය ආලේපන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර ඒ යටතේ මේ වනවිට ගනුදෙනුකරුවන් 34,506 දෙනකුට අධික පිරිසකට කුරියර් මාර්ගයෙන් එම ආලේපන අලෙවි කර තිබෙන බව සඳහන් කළේය.

තම සේවාදායිකාව අඩු මිලකට අදාළ ආලේපන ලබාගෙන රුපියල් තිස් හතලිස් දහසක් වැනි ඉහළ මිලකට අලෙවි කරන බවට ඊයේ දින සියලු මාධ්‍යවලින් ප්‍රවෘත්ති පළ කර තිබූ බව පෙන්වා දුන් එම නීතිඥවරයා එය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මේ තුළින් සිය සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවන බවත් පෙන්වා දුනි.

ඒ අනුව තම සේවාදායිකාවගෙන් ආලේපන මිලදී ගත් ගනුදෙනුකරුවන් කැඳවා ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බවත් මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් බිය වී මෙම ආලේපන මිලදී ගැනීමෙන් ඈත් වී තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට බරපතළ හානියක් සිදුවෙමින් පවතින බවත් නීතිඥවරයා පැවසීය.

නිරූපණ ශිල්පිණියක වශයෙන් කටයුතු කරන තම සේවාදායිකාව ව්‍යාපාරිකාවක් වශයෙන් ඉහළ තලයකට දියුණු වීමේ ඇති වරද කුමක්දැයි ප්‍රශ්න කළ නීතිඥවරයා අම්බපාලි අද සිටියා නම් ඇයට රහත් වීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් සඳහන් කර සිටියේය.

ඒ අනුව තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට අගතියක් සිදුවන ආකාරයෙන් විමර්ශන මෙහෙයවීම වැළැක්වීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ නීතිවිරෝධී වත්කම් විමර්ශනය ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරණා මහතා කියා සිටියේ පියුමි හංසමාලි නමැත්තිය රුපියල් 30,000කට අධික පිරිසකට තමන්ගේ ආලේපන කුරියර් මාර්ගයෙන් විකුණා තිබෙන බව සඳහන් කොට ඇති බවය.

2023 වසරේ නොවැම්බර් මස 22 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ප්‍රබල කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් අතර එම ජාවාරම්කරු හා මෙම තැනැත්තිය අතර සම්බන්ධයක් පැවති බවට විමර්ශනවලදී කරුණු අනාවරණයවී ඇතැයි ද කියා සිටියේය.

පියුමි හංසමාලි නමැත්තියට අයත් සුඛෝපභෝගී මෝටර් රථය මේ වනවිටත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ තිබෙන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පෙන්වා දුනි.

එම නිසා පියුමි හංසමාලි විසින් කූරියර් මාර්ගයෙන් අලෙවිකර තිබුණේ සත්‍ය වශයෙන්ම ආලේපන ද එසේත් නැත්නම් කිසියම් නීතිවිරෝධී ද්‍රව්‍යයක් ද යන්න අනාවරණය කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට සිදුවී ඇතැයි පෙන්වා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ යටතේ අවශ්‍ය පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට සිදුවී ඇති බවත් කියා සිටියේය.

මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ පුද්ගලයින්ගෙන් විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කරගැනීමට පොලීසියට බලය තිබෙන බව තමා පිළිගන්නා බවය.

මෙම තැනැත්තිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බැවින් ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීමට වගබලා ගන්නැයි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට දැනුම් දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම තැනැත්තියගේ ව්‍යාපාරයට හානියක් නොවීමට වගබලා ගත යුතු බවත් සඳහන් කළේය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් පොලීසියට නියම කරනු ලැබීය.

– අද දෙරණ
Post Views: 74
Previous Post

කාන්තා හා ළමා  කටයුතු අමාත්‍යාංශයෙන් අලුත් වැඩක්

Next Post

විකෘති කලල ඉවත්කිරීම ගැන තීරණයක්

Editor TTV News

Editor TTV News

Next Post
විකෘති කලල ඉවත්කිරීම ගැන තීරණයක්

විකෘති කලල ඉවත්කිරීම ගැන තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025
ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

2 July 2025

Recent News

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025
ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

2 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved