2024 ජන හා නිවාස සංගණන වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 21,781,800 ක් වන අතර එමගින් කාන්තා ජනගහනය පුරුෂ ජනගහනයට වඩා ඉහළ බව අනාවරණය වී ඇත.
දත්ත අනුව, කාන්තා ජනගහන ප්‍රතිශතය 51.7%ක් වන අතර, පුරුෂ ජනගහන ප්‍රතිශතය 48.3%ක් ලෙස සටහන් වී ඇත.
නාගරික ප්‍රදේශවල කාන්තාවන්ගේ ප්‍රතිශතය 51.9%ක් වන අතර, පුරුෂයන් 48.1%ක් පමණ ජීවත් වෙති. ග්‍රාමීය ප්‍රදේශවලදීද මේ ව්‍යාප්තිය සමාන ස්වභාවයක් දක්වමින් කාන්තා ජනගහන ප්‍රතිශතය 51.7%ක්, පුරුෂයන් 48.3%ක් ලෙස වාර්තා වී ඇත.
වතු ආශ්‍රිත ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ගේ ප්‍රතිශතය 51.4%ක් වන අතර, පුරුෂයන් 48.6%ක් වේ.
නමුත් නාගරික වතු ආශ්‍රිත ප්‍රදේශවල පිරිමින්ගේ ප්‍රමාණය සසම්භාවී ලෙස වැඩි වී ඇති අතර එහිදී කාන්තාවන් 50.4%ක්, පුරුෂයන් 49.9%ක් ලෙස වාර්තා වී ඇත.
මෙහිදී නාගරික වතු ලෙස හැදින්වෙන්නේ අක්කර 20 වැඩි කෘෂිකාර්මික භූමි ප්‍රදේශ වෙයි.














