පිලිපීනයේ බලධාරීන් විසින් වෙරළබඩ ප්‍රජාවන් ගණනාවක් සඳහා ක්‍රියාත්මක කරන ලද සුනාමි අනතුරු ඇඟවීම අවලංගු කර තිබෙනවා.
භූමිකම්පාවෙන් පසු සැලකිය යුතු මුහුදු මට්ටමේ කැළඹීම් හෝ සුනාමි රළ ඇති වී නොමැති බවයි එරට විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ.
ඔවුන් වැඩිදුරටත් පැවසුවේ සුළු මුහුදු මට්ටමේ කැළඹීම් හේතුවෙන් ඇති වූ ඕනෑම බලපෑමක් බොහෝ දුරට පහව ගොස් යන බවයි.