ඇගේ තියෙන සෛලයක් පිළිකා සෛලයක් වෙන්නේ කොහොමද?
අපි හැදිලා තියෙන්නේ සෛල බිලියන ගණනක් එකතු වෙලා. මේ සෛල එකතු වෙලා තමයි අපේ ඇඟේ හැම වැඩක්ම කරගෙන යන්නේ. හැබැයි සමහර වෙලාවට මේ සෛලවලට වැඩ වෙනස් වෙලා පිළිකාවක් වෙන්න පුළුවන්.
ඒක වෙන්නේ කොහොමද?
අපේ ඇගේ තියෙන සෛල ඔක්කොම එක වගේ නෑ. ඒවා එක එක වැඩ කරන්න හැදිලා තියෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත්, රතු රුධිර සෛල ඔක්සිජන් ගෙනියනවා, බඩවැලේ සෛල ආහාර ජීර්ණය කරනවා.
මේ සෛල වයසට යනවා. එතකොට ඒවා බෙදිලා, අලුත් සෛල හදනවා, පරණ ඒවා මැරෙනවා. මේක පාලනයක් ඇතුව කරන වැඩක්. සෛල ඇතුලේ තියෙන DNA තමයි මේකට උපදෙස් දෙන්නේ.
අපේ DNA වල තියෙනවා tumor suppressor genes කියලා විශේෂ ජාන වර්ගයක්. මේවා බ්‍රේක් පැඩල් වගේ වැඩ කරන්නේ. ඒ කියන්නේ ඒවා සෛල බෙදෙන එක පාලනය කරනවා.
හැබැයි සෛල වල DNA වල mutation ඇති වෙනවා. සරලව කිව්වොත් DNA වලට හානි වෙන්න පුලුවන්.
ඒ කොහොමද?
– දුම්පානය වගේ හානිකර දේවල් නිසා
– විකිරණ වලට නිරාවරණය වීම නිසා (UV rays, X-rays)
– සමහර වෛරස් වගේ විෂබීජ නිසා
– පරම්පරාගතව එන DNA දෝෂ හේතුවෙන්
එහෙම DNA වලට හානි වෙන එකට විසදුමක් තියෙනවද? ස්වභාදහම හරි අමුතුයි. ඒකට විසදුමක් හැදිලා තියෙනවා.
Tumor suppressor gene වල තියෙනවා p53 gene කියලා කෙනෙක්. මේක ශරීරයේ “සුපිරි ආරක්ෂකයා” වගේ වැඩ කරන්නේ. p53 ජානය DNA වල හානි හඳුනා ගන්නවා. එහෙම හානියක් තියෙනවා නම්, එයා ඒ DNA එක අලුත්වැඩියා කරනවා. හානිය ලොකු නම්, සෛලයට මැරෙන්න කියනවා (apoptosis).
ඒත් p53 ජානයට mutation එකක් වුණොත්, එයාට මේ වැඩේ කරන්න බැරි වෙනවා. එතකොට සෛලය බෙදිලා බෙදිලා යනවා. ඒ තමයි පිළිකාවක ආරම්භය.
පිළිකා සෛලයක් අනිත් සෛල වලින් වෙනස් වෙන්නේ කොහොමද?
1. එක දිගටම සෛල බෙදි බෙදි එක දිගට අලුතෙන් සෛල හදනවා.
2. සාමාන්‍ය සෛල ඉක්මනට මැරුණට පිළිකා සෛල මැරෙන්නේ නැතිව කාලයක් ඉන්නවා.
3. අපේ ඇගේ වෙනත් තැන්වලටත් ගිහින් බෙදෙන්න ගන්නවා. උදාහරණයක් විදිහට, පපුවේ පිළිකාවක් අක්මාවටත් යන්න පුළුවන්.
ඉතින්, මොකද්ද වෙන්නේ? මේ සෛල එකතු වෙලා ගෙඩි (tumors) හදනවා. මේ ගෙඩි හොඳ ඒවා (benign) හෝ නරක ඒවා (malignant) වෙන්න පුළුවන්. හොද ඒවා කියන්නේ ඒවා එක තැනක විතරයි තියෙන්නේ. පැතිරෙන්නේ නෑ. නරක ඒවා තමයි පිළිකා කියන්නේ.
– වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්නගේ facebook පිටුවෙන් උපුටාගන්නා ලදී.