පිළිකාව කියන වචනෙටත් අපි බයයි. ඒත්, මුල් අවස්ථාවේදී හඳුනාගැනීමෙන් ජීවිත බේරා ගන්න පුලුවන්.
පිළිකාවක් කියන්නේ මොකක්ද?
ශරීරයේ අසාමාන්‍ය සෛල පාලනයකින් තොරව වර්ධනය වෙලා පිළිකා හැදෙනවා. මේ පිළිකා අපේ ඇගේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා කරනවා. පිළිකාවක් ඇඟේ එක තැනකින් තවත් තැනකට පැතිරෙන්න පුලුවන්.
⚠️ ඔයා මේ රෝග ලකෂණ ගැන අවධානයෙන් ඉන්න.
🔴 හේතුවක් නැතුව ඇඟේ බර අඩු වෙනව නම් ඒ පිළිකාවක ලකුණක් වෙන්න පුලුවන් (ආහාර පාලනයකින් හෝ ව්‍යායාම කරන්නේ නැතුව ඔයාගේ බර කිලෝග්‍රෑම් 5 කට වඩා අඩු උනොත්, වෛද්‍යවරයෙකු හමුවන්න.)
🔴 ගැටිති හෝ ඉදිමීම්
පියයුරුවල, කිහිල්ලේ හෝ ශරීරයේ ඕනෑම තැනක තියෙන ගැටිත්තක් පිළිකාවක් වෙන්න පුලුවන්.
🔴 අසාමාන්‍ය ලේ ගැලීම
මලපහ එක්ක, මුත්‍රා එක්ක, කැස්සත් එක්ක, යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය විදියට වෙන ලේ ගැලීමක් පිලිකාවක ලක්ෂණයක් වෙන්න පුලුවන්.
🔴 සමේ වෙනස්කම්
සමේ තියෙන ලප සහ ඒවායේ වෙනස්කම්, හොඳ වෙන්නේ නැති තුවාල සමේ පිලිකා වල අනතුරු ඇඟවීමේ ලකුණක් වෙන්න පුළුවන්.
🔴 දීර්ඝකාලීන පවතින කැස්ස ගොඩක්ම ඔයා දුම් පානය කරන කෙනෙක් නම්, ඒක පෙනහළු පිළිකාවක ලකුණක් වෙන්න පුලුවන්.
🔴 කටහඩේ ගොරෝසු බව උගුරේ පිළිකාවක් වෙන්න පුලුවන්.
🔴 මලපහ කිරීමේ වෙනස්කම්
මලබද්ධය හෝ බුරුලට යාම, හෝ මළපහ වර්ණය වෙනස්වීම් බඩවැල් ව පිළිකාවක් වෙන්න පුලුවන්.
🔴 මුත්‍ර පිට කිරීමේ වෙනස්කම්
නිතර හෝ වේදනාකාරී මුත්‍රා කිරීම මුත්‍රාශයේ පිළිකාවක් වෙන්න පුලුවන්.
🔴 ගිලීමේ අපහසුතා
කෑම ගිලිනකොට හිර වෙනවා වගේ දැනෙනවනම් උගුරේ හෝ ගලනාලයේ පිළිකාවක ලක්ෂණයක් වෙන්න පුලුවන්.
🔴 පැහැදිලි කළ නොහැකි වේදනාව
නොකඩවා පවතින හිසරදය, දීර්ඝ කාලීනව තියෙන කොන්දේ වේදනාව හෝ බඩේ වේදනාවන් පිළිකාවක මුල් ලකුණක් වෙන්න පුලුවන්.
ඉහලින් තියෙන හැම රෝග ලක්ෂණයක්ම පිලිකාවක් වෙන්නේ නෑ. පිළිකා නොවන හේතුවක් හින්ද එන්න පුලුවන්. හොදම දේ රෝග ලක්ෂණ තියෙනවනම් වෛද්‍ය වරයෙකු හමු වීමයි.
ඔයා මොනවද කරන්න ඕනේ?
✔️රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා. සති කිහිපයකට වඩා පවතින මෙම රෝග ලක්ෂණ තියෙනව නම් ළගම රජයේ රෝහලේ වෛද්‍යවරයෙකු හමුවන්න.
✔️සෞඛ්‍ය පරීක්ෂාවන් වලින් (මැමෝග්රෑම්, පැප් ස්මියර් හෝ කොලොනොස්කොපි වැනි) පිළිකාව මුල් අවධියේ දීම හඳුනාගන්න පුලුවන්.
✔️ඔයාගේ පවුලේ පිලිකා පිලිබද ඉතිහාසය දැනගන්න. ඔබගේ පවුලේ ළගම ඥාතියෙකුට පිලිකාවක් තිබුනේ නම් ඔයාට පිලිකා ඇතිවීමේ අවදානමක් තියෙනවා.
– වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න (ශික්ෂණ රෝහල අනුරාධපුර)