වසර 100 පමණ පැරණි දැවැන්ත මාර ගසක් පුත්තලම අනුරාධපුර මාර්ගයෙ පුත්තලම සිරම්භිඅඩිය ප්රදේශයෙදී ප්රධාන මාර්ගයට කඩා වැටී ඇතැයි පොලීසිය කියයි.
මේ හේතුවෙන් පැය පහකට ආසන්න කාලයක් ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වූ බවද බව පුත්තලම මූලස්ථාන පොලිසිය අද( 27 ) පැවසිය.
සිරම්භීඅඩිය ප්රදේශයෙදී මෙම දැවැන්ත මාර ගස ප්රධාන මාර්ගයට පෙරළි යාමේන් පුත්තලම අනුරාපුර මාර්ගයයෙ ගමනා ගමන කටයුතු වලට මෙසේ බාධා එල්ල වී තිබුනී.
මෙම මාර ගස මහ වැසිත් සමග මුල් බුරුල් වි යාමේන් මෙසේ ප්රධාන මාර්ගයට පෙරළි යන්නට ඇති බව කියයි.
ආපදා කළමණාකරණ ඒකකයෙ පුත්තලම නිළධාරීන් සමග පුත්තලම මූලස්ථාන පොලිසිය ,පුත්තලම නගර සභාව පුත්තලම ප්රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ආයතන වල නිළධාරින් මහත් වෙහෙසක් ගෙන ප්රදේශ වාසින්ගේ සහයෝගයෙන් මෙම ගස ඉවත් කිරීමට කටයුතු කලහ.