ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා අද (03) උදෑසන වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ලැබී තිබූ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණද, ඔහු එලෙස පෙනී සිට නොතිබූ බව වාර්තා වේ. කෙසේ වෙතත්, අද උදෑසන ඔහු වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














