8 September 2024
#දේශීය #පුවත්

පුහුණුකරු ධුරය තාවකාලිකව සනත්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය තාවකාලිකව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව Tha Sunday Times පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පසුගියදා ඉල්ලා අස්වීමෙන් පසු හිස්වූ මෙම තනතුරට ස්ථිර පුහුණුකරුවෙකු පත්කර ගන්නාතුරු මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ. සනත් පසුගිය වර්ෂය අවසානයේදී ශ්‍ර්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවකු ලෙස පත් වූ අතර ඔහු අධිදක්ෂතා කළමනාකරණ මධ්‍යස්ථානය (High performance center) භාරව කටයුතු කලේය. පසුව ඔහු මෙවර විස්සයි20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙසින් එක්විය.

සනත් අතුරු ප්‍රධාන පුහුණුකරු ලෙස පලමු තරගාවලිය වන්නේ සංචාරක ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින තරග 3 කින් හා විස්සයි20 තරග තුනකින් යුත් තරගාවලියයි. එය මෙම ජූලි මසදී ආරම්භ වීමට නියමිතය. අනතුරුව එංගලන්තය සමගින් එලඹෙන අගෝස්තු-සැප්තැම්බර් මසදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ඔහු පුහුණුකාරීත්වය දරණ පළමු විදෙස් තරග සංචාරය වනුඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *